කන්ටේනර් 800 ක් නිදහස් කිරීමට ඩොලර් මුදා හරී

කන්ටේනර් 800 ක් නිදහස් කිරීමට ඩොලර් මුදා හරී

by Staff Writer . 19-01-2022 | 10:22 AM

COLOMBO (News 1st) –  ඩොලර් නොමැති වීම හේතුවෙන් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800 ක් මුදා හැරීම සඳහා ඩෙලර් නිකුත් කිරීමට පියවර ගත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම කන්ටේනර් ඇතුළත් ලේඛනය මහ බැංකුව වෙත යොමු කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව අද සිට එම කන්ටේනර් මුදා හරිනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ හාල්,සීනී පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ අනුව වෙළඳපොළේ සුලබ වනු ඇති බවයි.