ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී අරඹයි

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී අරඹයි

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරී අරඹයි

කර්තෘ Staff Writer .

19 Jan, 2022 | 10:39 am

COLOMBO (News 1st) – ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද වැඩ භාර ගත්තේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයී.

හක්මන මෙතෝදිස්ත, මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකු වන ගාමිණී සෙනරත් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි.

ඔහු 1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන්නේ පදවිය ශ්‍රීපුර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසයි.

අනතුරුව, ආගමින විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, ප්‍රවාහන, මහමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කොමසාරිස් ලෙස ඔහු කටයුතු කළේ ය.

ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධුරයට පත්වූයේ 2004 වසරේදීයී.

2005 සිට 2015 දක්වා කාලසීමාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති අතිරේක ලේකම් ලෙස ද ඔහු කටයුතු කළේ ය.

ඊට අමතරව මූල්‍ය ආයතන ඇතුළු ආයතන රැසක ප්‍රධාන තනතුරු හෙබවා ඇති ඔහු මෙරට රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]