by Staff Writer . 19-01-2022 | 3:50 PM
COLOMBO (News 1st) – අද (19) රාත්‍රියේ පැය එකහමාරකට ආසන්න කාලයක් දිවයින පුරා කොටසින් කොටස විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ කැලණිතිස්ස බලාගාරය සඳහා ඩීසල් නොමැති වීම හේතුවෙනි.
ඩීසල් නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් මේ වනවිට අක්‍රිය කර තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක , අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 282 ක් අහිමි වී ඇති බවයි.
ඒ අනුව අද පස්වරුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට බාධා මතුව ඇති අතර ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඇන්ඩෲ නවමනි මහතා සදහන් කළේ කැලණිතිස්ස බලාගාරය සදහා අවශ්‍ය ඉන්ධන තොග අද ලබාදෙන බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇති බවයි.
එම ඉන්ධන මගින් ජනන යන්ත්‍ර පණ ගැන්වීමට පැය කිහිපයක් ගතවනු ඇති බවත් , අදාළ කාලය තුළ ජාතික පද්ධතියේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වනු ඇති බවත් ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ ය.