අගමැති ලේකම් තනතුර අනුර දිසානායකට

අගමැති ලේකම් තනතුර අනුර දිසානායකට

අගමැති ලේකම් තනතුර අනුර දිසානායකට

කර්තෘ Staff Writer .

19 Jan, 2022 | 3:24 pm

COLOMBO (News 1st) – නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරය මෙතෙක් දැරූ අනුර දිසානායක මහතා ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

ඔහු හෙට දිනයේ නව ධුරයේ වැඩ ආරම්භ කිරිමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසී ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරයට අයිවන් ද සිල්වා මහතා ජනාධිපතිතුමා අතින් පත්වීම් ලබාගත් බවයි.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]