9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභා වාරය අද ඇරඹේ…

9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභා වාරය අද ඇරඹේ…

9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභා වාරය අද ඇරඹේ…

කර්තෘ Staff Writer .

18 Jan, 2022 | 8:04 am

COLOMBO (News 1st) –  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ආරම්භ වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද උදෑසන 10 ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට උපදෙස් ලැබී ඇති බවයි.

අද උදෑසන 09.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිත ය.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පැමිණීම සිදුවනු ඇති.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නව වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව ද ධම්මික දසනායක මහතා අවධාරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]