සිම්බාබ්වේ ඉදිරියේ ශ්‍රී ලංකාව පරදී

ශ්‍රී ලංකාව පරදවමින් සිම්බාබ්වේ පිල දෙවන තරගය ජය ගනී

by Staff writer 18-01-2022 | 10:48 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක ජයක් හිමිවිය.

ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද තරගය පැවැත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 280ක් පමණි.