වෙන්නප්පුවේ දේවස්ථානයකින් හමු වූ සොහොන් කොත ගොන්සාල්වේස් පියතුමාගේ ද?

by Staff Writer . 18-01-2022 | 9:10 PM

COLOMBO (NEWS1ST):  වෙන්නප්පුව, බෝලවත්ත දේවස්ථානයකින් මතුවුණේ කිතු සිරිත කවියට නැගූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සොහොන් ගැබ ද?

අද දිනය පුරා පරලෝක රාජේශ්වරීගේ දේවස්ථානයට පැමිණි කිතුණු බැතිමතුන් සේම වියතුන්ට මෙවන් අනුමානයක් තිබේ. පරලෝක රාජේශ්වරී ගේ දෙව්මැදුර වසර 300කට එපිට ඉතිහාසයක් ඇති බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වූ දේවස්ථානයකි. මෙම සොහොන් ගැබ හමුවුණේ දේවස්ථානයේ ඉදිකිරීමක් අතරතුරයි. අද පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ ස්ථානය පරීක්ෂා කළහ. මූලික වශයෙන් අනාවරණය වූයේ සොහොන් ගර්භය පිහිටි භූමියේ පස් ස්ථරවල යුග දෙකක කරුණු හෙළි වන බවයි. දැනට අනුමානය මෙය ගොන්සාල්වේස් පියතුමන්ගේ සොහොන් ගැබ විය හැකි බවටයි. උන්වහන්සේ මෙරට කිතුනු සාහිත්‍යයේ පියාණන් ලෙස සැලකෙයි. මෙරට ජනප්‍රියම කැරොල් ගීය ලෙස සැලකෙන "දෙවිඳු උපන්නේ ය සතුනි" ගීතයේ රචකයා ගොන්සාල්වේස් පියතුමායි.