හෝටල්වලට අනතුරු ඇඟවීමක්

විදේශිකයින්ට පමණක් සේවා සැපයුවහොත් හොටල් සහ අවන්හල් බලපත්‍ර අවලංගුයි - සංචාරක සංවර්ධන අධිකාරිය

by Staff writer 18-01-2022 | 9:16 PM

COLOMBO (News 1st) - විදේශීය සංචාරකයින් සඳහා පමණක් සේවා සපයන හෝටල් සහ අවන්හල්වල බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඇතැම් සංචාරක ස්ථාන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මුල් කරගෙන සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමාන අයිතීන් හිමි වන බව ය. අසීරු අවස්ථාවේදී සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට දේශීය සංචාරකයන් ඉදිරිපත් වී සහය දුන් බව ද, මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.