විදුලිබල මණ්ඩලයට IOC තෙල් නැහැ

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව IOC දැනුම් දෙයි

by Staff Writer . 18-01-2022 | 3:53 PM

COLOMBO(News 1st) - විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.

විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් නැවක් කොළඹ වරායට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට එම ඉන්ධන නැව වරායෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ත් ය. අද (18) සවස වන විට එම නැව නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, නැව නිදහස් කරගත හොත් විදුලි කප්පාදුවකින් තොරව විදුලි සැපයුම සිදුකරගෙන යා හැකි බවයි.