වල්සපුගල ගොවි සටන තවදුරටත්

වල්සපුගල ගොවි සටන තවදුරටත්

by Staff Writer . 18-01-2022 | 3:43 PM

COLOMBO (News 1st) - වනඅලි ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව 29 වැනි දිනටත් අද (18) ක්‍රියාත්මක වේ.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගැසට් කළ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ය. වළව ,වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයෝ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිවිසුම ආසන්නයේ ක්‍රියාත්මක සත්‍යග්‍රයට එක්ව සිටිති.