'ශ්‍රී ලංකා වනිතාභිමාන' සම්මානයට පාත්‍රවෙයි

රට නගන වනිතා බලගැන්වුම 'වනිතාභිමාන' සම්මානයට පාත්‍රවෙයි

by Staff writer 18-01-2022 | 10:56 PM

COLOMBO (News 1st) - විමෙන් ඉන් මැනේජ්මන්ට් සංවිධාන කරන විමෙන් ටොප් 50 සම්මාන ප්‍රධානෝත්සවය අද (18) පස්වරුවේ කොළඹදී පැවැත්විය.

හොඳම වෘත්තියවේදී වනිතාවන් ඇගයීම වෙනුවෙන් සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 11 වැනි වරට ය. එහිදී මහාරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට්හි ප්‍රධාන විධායක නිලධාරී චේතනා ලියනගේ මහත්මිය සම්මානයට පාත්‍ර වූයේ, විද්‍යුත් මාධ්‍යට කළ සේවය වෙනුවෙනි. මේ අතර නිව්ස්ෆස්ට් හා NDB එක්ව බලගන්වන 'ශ්‍රී ලංකා වනිතාභිමාන' වැඩසටහන ද කාන්තාවන් බලගන්වන ධනාත්මක මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක් ලෙස එහිදී සම්මානයට පාත්‍ර විය. ඒ අනුව NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහනේ නිෂ්පාදක රසික දිනේෂ් ධර්මරාජා යන මහත්වරුන් එම සම්මානය ලබා ගත්තේ ය. මීට අමතරව වෛද්‍ය , ඉදිකිරීම් , නීතී , මූල්‍ය කළමනාකරණ , අලෙවි , ඇතුලු ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියටම පැමිණි කාන්තා වෘත්තියවේදීන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.