''මෙය ඉන්දියාවේ ආයෝජනයට හොඳම කාලයයි'' - අගමැති මෝද

''මෙය ඉන්දියාවේ ආයෝජනයට හොඳම කාලයයි'' - අගමැති මෝදි

by Staff Writer . 18-01-2022 | 3:31 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ලෝක නායකයින් අමතා නරේන්ද්‍ර මෝදි මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුට එක්වෙමිනි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ නවෝත්පාදන පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව ය. ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය ආයෝජන ගමනාන්තය බවට ඉන්දීයාව පත් කිරීමට ගෙන ඇති විවිධ පියවරයන් පිළිබඳව නරේන්ද්‍ර මෝදී පැහැදිලි කර තිබේ. එරට බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.