දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

by Staff Writer . 18-01-2022 | 3:00 PM

COLOMBO (News 1st) –  දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේ ය.