''අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නෙ'' - කාදිනල් හිමිපාණන්

by Staff Writer . 18-01-2022 | 4:38 PM

COLOMBO (News 1st) –  ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් අද උත්සවයක් පැවැත්විය.

ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. උත්සවය ආරම්භවීමට පෙර අද උදෑසන දේව මෙහෙය පැවැත්විය. එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙලෙස අදහස් පළ කළහ.
''හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ නැහැ .වර්තමානයේ. අපි ගන්න තීරණයන්ගෙන් ඇතිවන අභියෝගවලට මුහුණදෙන ශක්තිය අඩුයි. වෘත්තිමය ලෙස හෝ අනෙක්තු කිසියම් ලෙකද මේ විදියට හිතන කීදෙනෙක් ඉන්නව ද? නිදහසට පසු අවුරුදු 74 ක් තිස්සේ මේ රටේ සත්‍යය හැම වෙලාවේම නැති වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෘද සාක්ෂියට අනුව සාධාචාරත්මක ලෙස වැඩ කරන්නේ නැතුව සල්ලි සහ බලය පිටුපස හඹා යන්න පටන් අරං. අපේ රටේ හෘද සාක්ෂිය මැරිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ හොඳ මිනිසුන් නරකක් නපුරක් කරන්නේ නැති හොඳ මිනිස්සු බිහි කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. නැතුව බොහෝ නායකයෝ සමහර වෙලාවට කරනවා වගේ වැරදී සාධාරණීකරණය කරන එක නෙමෙයි''