වෙන්නප්පුවේ දේවස්ථානයකින් හමුවූ සොහොන් කොත කාගේ ද?

වෙන්නප්පුවේ දේවස්ථානයකින් හමුවූ සොහොන් කොත කාගේ ද?

වෙන්නප්පුවේ දේවස්ථානයකින් හමුවූ සොහොන් කොත කාගේ ද?

කර්තෘ Staff Writer .

18 Jan, 2022 | 1:12 pm

COLOMBO (News 1st) –  වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රාජේශ්වරීගේ දේවස්ථානයෙන් හමුවූ ඉපැරණි සොහොන පිලිබඳව පුරා විද්‍යා පරීක්ෂණ අද පස්වරුවේ ඇරඹීමට නියමිතව තිබේ.

මේ වන විට විශාල බැතිමතුන් පිරිසක් බෝලවත්ත අදාළ සෙහොන් කොත දැක ගැනීම සඳහා හා යාඥා කිරීම සඳහා එම ස්ථානයට පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ.

ඊයේ දිනයේදී පරලෝක රාජේශ්වරීගේ දේවස්ථානයේදී සිදු කරන ලද ඉදි කිරීමක් අතරතුර මෙම සොහොන් ගර්භය හමු වී තිබිණ.

වසර 300කට එපිට ඉතිහාසයක් ඇති පරලෝක රාජේශ්වරීගේ දේව්මැදුර බොහෝ දෙනෙකුගේ වන්දනාමානයට පාත්‍ර වූ දේවස්ථානයකි.

අදාළ සොහොන් ගර්භය කිනම් කාල වකවානුවකට අයත් ද යන්න හා අදාළ සොහොන කාගේ ද යන්න පිළිබඳව තවමත් හඳුනාගෙන නොමැත.

කෙසේ වෙතත් අද පස්වරුවේ, අදාළ සොහොන් ගර්භය පුරා විද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]