9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභා වාරය හෙට (18)

9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභා වාරය හෙට (18)

by Staff Writer . 17-01-2022 | 4:53 PM

COLOMBO (NEWS1ST):  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය හෙට (18) ආරම්භ වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. හෙට (18) උදෑසන 10 ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට උපදෙස් ලැබී ඇති බවයි. හෙට උදෑසන 09.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිත වේ. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පැමිණීම සිදුවනු ඇති. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවනු ඇති. සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නව පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව ද ධම්මික දසනායක මහතා අවධාරණය කළේ ය.