හෙටින් පසු රට ම කළුවර වෙයි ද? (Special Report)

හෙටින් පසු රට ම කළුවර වෙයි ද? (Special Report)

by Staff Writer . 17-01-2022 | 8:12 PM

COLOMBO (NEWS1ST):  ඩොලර් ලබා නොදුනහොත් විදුලි බල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන සැපයීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට ආනයනය කෙරන ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබාදුන්නොත් රථ වහාන සඳහා ඉන්ධන හිඟයක් මතුවන බවයි. විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය පිළිබඳව අද වනවිට විෂය භාර ඇමතිවරුන් පසුවන්නේ, කඹ ඇදිල්ලකයි.

ඇත්තටම දැන් සිදුව තිබෙන්නේ කුමක් ද?

ඩොලර් නැතුව විදුලියට තෙල් දෙන්නේ නෑ කියලා තීරණය කළා ද?
''තීරණයක් ගත්තා කියනවාට වඩා හොඳයි තීරණයක් ගන්න සිද්ධවෙලා තියනවා මොක ද? අපේ රටේ තෙල් උල්පත් ඇත්තෙත් නෑ. ගෙනාපු විශාල වශයෙන් තොග ඇත්තෙත් නෑ. ඒ අයට තෙල් ගෙනල්ලා දෙන්න මං ගාව ඩොලර් ඇත්තෙත් නෑ. ඒ නිසා තමයි ඩොලර් දුන්නොත් තෙල් ගෙනවිත් දෙන්නම් කියලා කියන්න අකමැතිතෙන් වුණත් සිද්ධ වුණේ, මේ වෙන විට ඩිසල් නැව් දෙකක් මෙට්‍රික් ටොන් 76,000 ක් තියන ඩීසල් නැව් දෙකක් මුහුද මැද තියනවා. එකක් ගොඩබෑමට අවශ්‍ය ඩොලර් සපයා දුන්නොත් අපි ඔවුන්ට නැවත ඩිසල් ලබාදෙන්නම් කියලා දැනුම්දී තිබෙනවා. ඔබ මට කියන්න ඩොලර් නැතුව තෙල් ගේන්න ක්‍රමවේදයක් කියලා දුන්නොත් අපට මට ඒ විදිහට ගෙනල්ලා දෙන්න පුළුවන්. මේ රටට ඩොලර් සැපයීමේ වගකීම තියෙන්නේ මට නෙවෙයි''
             

  

     - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල -

තෙල් ගන්න ඩොලර් කීයක් යනව ද?

මාසයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 400 ක් වැය වෙන බවත් විදුලිය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට සිදුව හොත් තවත් ඩොලර් මිලියන 30 ක් අවශ්‍ය වෙන බවත් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දෛනික ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා ද ඩොලර් සොයා ගැනීම ඉතා අසීරුවී ඇති බවයි.

හෙට මොකක්ද වෙන්නේ ?

විදුලි බල මණ්ඩලය වෙත පෙරේදා ලබාදුන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 හෙට අවසන් වේ. ඒ අනුව ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් බිඳ වැටීමට නියමිත අතර එසේ වුවහොත් යළිත් විදුලි කප්පාදුවක් වෙත යාමට සිදුවෙයි.
''හෙට හවස 5 වෙනකොට ඒ ප්‍රමාණය අවසන් වෙනවා. අපිට හෙට හවස 5 න් පස්සේ අපට සිද්ධයෙනා ඔය කැලණිතිස්ස සංකීර්ණයේ තිබෙන සියලුම තාප බලාගාර ඒ කියන්නේ මෙගාවොට් 300 ක් අපට පද්ධතියෙන් ඉවත් කරන්න වෙනවා. තෙල් නැතුව තෙල් අර්බුදය ඔහොම පැවතුනොත් අපට වෙනවා. හෙට 5 න් පස්සේ පීක් ටයිම් එකත් ඇතුළත්ව පැය එකහාමාරක විදුලි කප්පාදුවකට යාමට දැන් මේ සභාපතිතුමා නිර්මාණය කරගෙන යන මේ අර්බුද යුගදනවි 40% ක් විකිණීම හා රටේ LNG එකාධිකාරය නිව්පෝට්‍රෙස් සමාගමට දිමට අදාළ කටයුතු තමයි මේ දැනටත් කරගෙන යන්නේ''

                                          

  - ලං.වි.ම. ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න -

බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ විදුලිබල මණ්ඩලය නිසි වේලාවට තමන්ගෙන් ඉන්ධන නොඉල්ලූ බවයි.
''පසුගිය සැප්තැම්බර් මාසේ තමයි අපි ඔවුන්ට දැනුම් දුන්නේ ඩිසල් හෝ දැවිතෙල් අවශ්‍ය වෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ඔවුන් අපට සැපයිය යුතුයි. අපි විදේශ විනිමය අර්බුදයකයි ඉන්නේ කියන එක නමුත් ඔවුන් අපට දැනුම්දි තිබුණේ, ජනවාරි මාසේ අවසන්වන තුරු ඔවුන්ට ඉන්ධන අවශ්‍ය වෙන්නේ නෑ කියලා. ජනවාරි මසේ 7 වෙනිදා අපට කිව්වා නෑ. අපට දැවිතෙල් ඕන 22 දා දක්වා අපි ඒක ලබාදෙන්න එකඟවෙලා තියනවා ඊළඟට ජනවාරී මසේ 11 වෙනිදා අපට කියනවා. ජනවාරි 13 සිට ඔවුන්ට ඩීසල් අවශ්‍යයි කියලා''

            

                      

     - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල -

මේ තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනයට තෙල් දුන්නොත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය බිඳවැටෙයි ද?

''අපි දුන්නොත් රට නතරවෙනවා මතක තියාගන්න විදුලිය කැපීම කියන එක විදුලිය සැපයීම පාලනය කරන්න පුළුවන් කාරණයක්. පැය 24 ම විදුලිය දෙන්නත් පුළුවන් පැය 24 ම විදුලිය නොදී ඉන්නත් පුළුවන් පැයක් දෙකක් තුනක් හතරක් විදුලිය ලබාදීම කප්පාදු කරන්නත් පුළුවන්. හැබැයි ප්‍රවාහන ක්ෂේත්‍රයේදී එක්කෝ ඉන්ධන ඇත. එක්කෝ ඉන්ධන නැත . ඒ නිසා අපට ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමඛතාවය දෙන්න වෙනවා විදුලි බල ක්ෂේත්‍රයට වඩා''

               

            

           - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල -

අපිට තෙල් කොච්චර ඕනද ? සපුගස්කන්ද බලාගාරය වසා දැමීමෙන් මේ අර්බුදය උග්‍ර කළා ද?

ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ ඔටෝ ඩීසල් සඳහා වන අතර දිනකට වැය වෙන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5100 ක්. සුපිරි ඩීසල් දිනක අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 225 ක්. විදුලි නිෂ්පාදනය සඳහා මෙරට පවතින තාප බලාගාර දැවිතෙල්,ඩීසල් සහ නැප්තා යන ඉන්ධන භාවිත කරනු ලබයි. මේවන විට විදුලි නිෂ්පාදනය සඳහා දිනකට දැවිතෙල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් වැය වෙන අතර මෙය වරින්වර වෙනස් වෙන්නේ ජල විදුලිය හා ගල් අඟුරු මගින් විදුලිය උත්පාදනය අඩුවීම් සහ වැඩිවීම් මතයි. ඩොලර් අර්බුදයත් සමග සපුගස්කන්ද පිරිපහදුව වසාදැමීම මෙම අර්බුදයට දැඩිව බලපෑ අතර එම පිරිපහදුවෙන් දිනක නැප්තා මෙට්‍රික් ටොන් 940 ක් ඩීසල් මෙට්‍රික් ටොන් 450 ක් ලබාදීමේ හැකියාව පැවැතිණ.

නොරොච්චෝලේ තත්ත්වය මොකක්ද?

විදුලි අර්බුදයට තවත් ප්‍රධානම හේතුවක් වනුයේ නොරොච්චෝලේ තෙවන ජනන යන්ත්‍ර අක්‍රීයවීමයි. ඒ හේතුවෙන් අහිමිවී ඇති විදුලි ධාරිතාව මෙගා වොට් 300 ක්. එය පිළිසකර කිරීම ලබන 22 වෙනදා තෙක් අවසන් කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය තවමත් නඩත්තු කරන්නේ චීනය ද ?

''අපේ අය තමයි නඩත්තු කරන්නේ. ඔබතුමාට ටොයෝටා වහානයක් තියෙන්නේ කියලා හිතන්න සමහර දේවල් තියනවා. ඒ ගෝලෝ එහෙම තමයි ව්‍යාපාර කරන්නේ සමහර දේවල් ඒ ගොල්ලන්ගේ සහයෝගය නැතුව කරන්න බැරි විදිහට ඒ ගොල්ලෝ සකස් කරලා තියෙන්නෙ. සමහර දේවල්වලට තියනවා. පාස්වර්ඩ් වගේ දේවල්වලින් ඒ ගොල්ලෝ බ්ලොක් කරලා තියනවා. ඇවිල්ලා පටන් අරන් කෙරෙනවා. දැන් 24 වෙනිදා මේ වැඩේ ඉවර වෙනවා''

                                      - විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු -

අර්බුදය අවසන් වෙන්නේ කවදාද ?

''මේ මොහොතේ මම අනාගතය දකිනවා. මාර්තු මාසේ පංච මහා අර්බුදයකට රට මුහුණ දෙනවා. ඒ සඳහා අපේ නිසි සූදානමක් තිබිය යුතුව තිබුණා. විශේෂයෙන්ම ඉන්ධන පාරිභෝජනය සීමා කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මම 8 වතාවක් අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වලා තියනවා. මධ්‍ය කාලීන දිගු කාලීන විසුම් සඳහා අපි අනිවාර්යෙන්ම යා යුතුයි''

                                             

- බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල -