සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

සොරකම් කිහිපයට සම්බන්ධ සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

by Staff Writer . 17-01-2022 | 12:27 PM

COLOMBO (NEWS1ST):  ප්‍රදේශ කිහිපයක සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ බද්දේගම, පිටිගල, ඇල්පිටිය හා තෙලිකඩ යන ප්‍රදේශවල මුදල් සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන, ගුවන්තොටුපළ ආසන්යේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. රන්භාණ්ඩ සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු උහන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය. පොලිසිය පැවසුවේ යතුරු පැදි සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු , යතුරු පැදි 4 ක්, හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.