සත්ත්වෝද්‍යාන නැරඹීමට සංචාරකයින් 60,000ක්

සත්ත්වෝද්‍යාන නැරඹීමට 60,000කට අධික සංචාරකයින් පිරිසක්..

by Staff Writer . 17-01-2022 | 1:14 PM

COLOMBO (NEWS1ST):  පසුගිය දින 3 තුළ දිවයින පුරා සත්ත්වෝද්‍යාන නැරඹීම සඳහා හැට දෙදහසකට අධික සංචාරකයින් පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වේ.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අතර විදේශීය සංචාරකයින් 790 ක් වන බවයි. අදාළ දිනයන්වලදී දෙපාර්තමේන්තුවට ලැබී ඇති ආදායම එක්කෝටී තුන් ලක්ෂ හතළිස් අතර දහසක් බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.