විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශිෂ්‍යත්වයට අදාළව විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

by Staff Writer . 17-01-2022 | 11:07 AM

COLOMBO (News 1st) – 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රි 12 සිට සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම , පංති මෙහෙයවීම , විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බවයි. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම ද තහනම් වනු ඇති. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර් , අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම , එවැනි දෑ ළඟ තබා ගැනීම ද තහනම් වනු ඇති. යම් පුද්ගලයෙක් , ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් එම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් , ඔවුන් වරදකරුවෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 2021 වසරේ 05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතයි.