වල්සපුගල ගොවි සත්‍යග්‍රහයට දින 28ක්

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අඛණ්ඩව

by Staff Writer . 17-01-2022 | 1:41 PM

COLOMBO (NEWS1ST): ගැසට් කළ වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය තවමත් ක්‍රියාත්මකයි.

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය හා තවත් ගොවි සංවිධාන අසූ හයක් එක්ව කටුවැව ප්‍රදේශයේදී ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට අදට දින 28ක් ගතව අවසන් ය.