මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන්

මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන්

by Staff Writer . 17-01-2022 | 2:42 PM

COLOMBO (NEWS1ST): මහනුවර නව රදගුරුතුමන් ලෙස වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණෝ අද වැඩ භාර ගත්හ.

ඒ මහනුවර සාන්ත අන්තෝනි ආසන දෙව්මැදුරේදීයි. මහනුවර රදගුරුතුමන් ලෙස කටයුතු කළ වියානි ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණෝ පත්කෙරුණේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසිනි. වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් මහනුවර 7 වැනි රදගුරු හිමිපාණන් ය. උන්වහන්සේ දැනට හලාවත රදගුරුතුමන් ලෙස ද කටයුතු කරනු ලබයි.