පැය 24 ක් තුළ ජීවිත 6ක් මහමගට බිලි

පැය 24 ක් තුළ ජීවිත 6ක් මහමගට බිලි

by Staff Writer . 17-01-2022 | 11:18 AM

COLOMBO (NEWS1ST):  ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතරට වයස අවුරුදු 4 ක දරුවෙකු ද වේ. පොලිසිය පැවසුවේ, දමන, වැලිකන්ද, නවගමුව, පන්නල හා යාපනය යන ප්‍රදේශවල අදාළ අනතුරු සිදුව ඇති බවයි. රියැදුරන්ගේ අපරික්ෂාකාරිබව හා නොසැලකිලිමත් රිය ධාවනය බොහෝ අනතුරුවලට හේතුවී තිබේ.