දුම්රියට මිලියන 10ක පාඩුවක්

දුම්රියට මිලියන 10ක පාඩුවක්

by Staff Writer . 17-01-2022 | 8:19 AM

COLOMBO (News 1st) -  වෘත්තිය සමිති හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 10 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, ගණන් බලා තිබේ.

දුම්රිය සමාන්‍යාධිකාරී, ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන් එදින දුම්රියේ ගමන් කර ඇතැයි, වාර්තා වෙමින් ඇති බව ය. පෙරේදා (15) දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්, ඇතැම් දුම්රිය ධාවනය අතරමග ඇනහිටියේ ය. එම තත්ත්වය තුළ දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්විය. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, වර්ජනය පැවැති දිනවල අතරමග දුම්රිය නවතා මගීන් අපහසුතාවට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.