COLOMBO (NEWS1ST): අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම ආසාදිතයින් පිරිස අතර විදෙස්ගතව සිට පැමිණි 7 දෙනෙක් ද වෙති.

මේ අතර තවත් කොරෝනා මරණ 7 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,218 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 5 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනකු ලෙසයි.
අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 02 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 5 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (17) වාර්තා කරන ලද මෙම මරණ 7 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
