සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

ඔමික්‍රෝන් පාලනයට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න - සෞඛ්‍ය අංශ

by Staff Writer . 17-01-2022 | 8:22 AM

COLOMBO (News 1st) - ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සදහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේ මේ වනවිට දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ඔමික්‍රෝන් අසාදිතයින් වාර්තා වෙමින් ඇති බව ය. ඇතැම් ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් ලබාගත් සැකසහිත සාම්පල පර්යේෂණ සඳහා යොමුකර ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.