ඉන්ධන අවශ්‍ය නම් ඩොලර් සොයා දෙන්න.... බලශක්ති ඇමති, ලංවිමට කියයි

by Staff Writer . 17-01-2022 | 4:03 PM

COLOMBO (NEWS1ST):  විදුලිබල මණ්ඩලයට තවදුරටත් ඉන්ධන අවශ්‍ය නම්, ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් ලබා දිය යුතුව ඇතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එලෙස ඩොලර් ලබා දෙන්නේ නම්, ආනයනය කර ඉන්ධන ලබා දීමට සූදානම් බවයි. විදුලිබල නිෂ්පාදනයට ඉන්ධන අවශ්‍ය නම්, කලින් ඒ බව දැනුම් දෙන ලෙස මීට මාස 3කට ඉහතදී විදුලිබල මණ්ඩලයට දුන්ම්දීමක් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''විදේශ විනිමය අර්බූදයකට මුහුණදී සිටින නිසා ඉන්ධන ආනයනය සඳහා වැය වන ඩොලර් ප්‍රමාණයත් හොයලා දෙන්න කියලා, ඒ අය එකඟ වෙලා හිටියෙ, නමුත් හදිසියේම ජනවාරි 11 දැනුම් දුන්නා. ජනවාරි 13 ඩීසල් අවශ්‍ය බව එලෙස ලබා දෙන්න ඩීසල් තොගයක් අපි සතු ව නැහැ''
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඩොලර් සපයා දෙන්නේ නම්, ඉන්ධන ආනයනය කර ලබාදීමට හැකි බවයි.