අබුඩාබි නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්...

අබුඩාබි නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්...

by Staff Writer . 17-01-2022 | 7:33 PM

COLOMBO (NEWS1ST):  අබුඩාබි නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, මිය ගිය දෙදෙනෙකු ඉන්දියානු ජාතිකයින් බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් උපුටා දක්විමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යේමනයේ හූති කැරලිකරුවන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි. අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ප්‍රහාරවලින් ඉන්ධන ට්‍රක් රථ තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව ද වාර්තා වේ.