අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්යකෝෂ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ සූර්යකෝෂ

by Staff Writer . 17-01-2022 | 2:36 PM

COLOMBO (NEWS1ST):  අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති. මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.