පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

සිබ්බාබ්වේට එරෙහි පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

by Staff Writer . 16-01-2022 | 10:37 PM

COLOMBO (News 1st) –  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය.

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.