ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

by Staff Writer . 16-01-2022 | 9:06 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වේ.

තරග 3 කින් සමන්විත තරගාවලියේ තරග තුනම මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. දිවා/රාත්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන අතර එය සවස 2.30 ට ආරම්භ කෙරේ. තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් අර්වින්ට හිමි වී තිබේ.