කේරළ ගංජා සමග තරුණයෙකු අත්අඩංගුවට

වව්නියාවේදී කේරළ ගංජා තොගයක් සමග තරුණයෙකු අත්අඩංගුවට

by Staff Writer . 16-01-2022 | 1:39 PM

COLOMBO (News 1st) - වව්නියාව , ඊරට්පෙරියකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 264 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, යුද හමුදා බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ඊරට්පෙරියකුලම් පොලීසිය කළ වැටලීමකදිය. අදාළ ගංජා තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ. කිරිමලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිදිරි සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.