මාලදිවයිනේ කතානායකවරයා දිවයිනට

මාලදිවයිනේ කතානායකවරයා දිවයිනට

by Staff Writer . 16-01-2022 | 6:04 PM

COLOMBO (News 1st) –  මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා සිව් දින නිල සංචාරයක් අද (16) මෙරටට ළඟා විය.

ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ය. මාලදිවයින් කතානායකවරයා ඇතුළු දූත පිරිස පිළිගත්තේ, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති කාර්යාලයේ නිලධාරීන් ය.