පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට සමගි ජන බලවේග රජයක් තුළ දැඩි දඬුවම් දෙනවා - විපක්ෂ නායක

by Staff writer 16-01-2022 | 10:56 PM

COLOMBO (News 1st) – සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට විනිවිද පරීක්ෂණයකින් අනතුරුව දැඩි දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. තව ද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්නට ආණ්ඩුව සමත් ව නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මෑතකදී සිදු වූ ග්‍රෙනේඩ් බෝම්බ සිදුවීම පිළිබඳව සත්‍ය සොයන ලෙස අතිඋතුම් කාදිනල් හිමිපාණන් පවා කළ ඉල්ලීම් බලධාරීන්  මායිම් නොකරන බවයි.