තවත් කොරෝනා මරණ 14 ක්..

තවත් කොරෝනා මරණ 14 ක්..

by Staff Writer . 16-01-2022 | 9:48 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 14 ක් අද (16) වාර්තා කර තිබුණි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,211 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනවාරි 15 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි. ඒ අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු සිටී. මියගිය පිරිසෙන් ‍10 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.