කළු ගඟ⁣ට දෙදෙනෙකු බිලි:දරුවෙකු අතුරුදන්

කළු ගඟ⁣ට දෙදෙනෙකු බිලිවෙයි: 10 හැවිරිදි දරුවෙකු අතුරුදන්

by Staff Writer . 16-01-2022 | 9:21 AM

COLOMBO (News 1st) - රත්නපුර ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේදී, කළු ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 10 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව ඇති බව ය. මියගොස් ඇත්තේ වයස 22 හා 40 හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටින අවස්ථාවේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙකු දිවි බේරාගෙන තිබේ. අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර කොස්ලන්ද, මකල්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.