ඇළක නාන්න ගිය අයෙකු අතුරුදන්

උඩවලව ජලාශය අසල ඇළක දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

by Staff Writer . 16-01-2022 | 10:18 AM

COLOMBO (News 1st) - සෙවනගල, උඩවලව ජලාශය අසල ඇලක ගිලී පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, 54 හැවිරිදි එම පුද්ගලයා සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව ය.

කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටියදී ඔහු දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසුවේ ය. අතුරුදන්වු පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.