අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

by Staff Writer . 16-01-2022 | 6:27 PM

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

මහනවුර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රමාත්‍යවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. අග්‍රාමාත්‍යවරයා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි. එහිදී සුමංගල මහනාහිමියන් විසින් තිළිණයක් ලෙස බුදු පිළිමයක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.