ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

කර්තෘ Staff Writer .

16 Jan, 2022 | 9:06 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වේ.

තරග 3 කින් සමන්විත තරගාවලියේ තරග තුනම මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

දිවා/රාත්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන අතර එය සවස 2.30 ට ආරම්භ කෙරේ.

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් අර්වින්ට හිමි වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]