මුහුදු රළ ඉහළ යා හැකියි: දකුණු පැසිෆික් සාගර කලාපයේ ජපානයට හා ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම්

මුහුදු රළ ඉහළ යා හැකියි: දකුණු පැසිෆික් සාගර කලාපයේ ජපානයට හා ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම්

මුහුදු රළ ඉහළ යා හැකියි: දකුණු පැසිෆික් සාගර කලාපයේ ජපානයට හා ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම්

කර්තෘ Staff Writer .

16 Jan, 2022 | 8:54 am

COLOMBO (News 1st) – මුහුදු රළ ඉහළ යා හැකි බවට දකුණු පැසිෆික් සාගර කලාපයේ වෙසෙන ජපාන සහ අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඔවුන්ට දැනුම් දී ඇත්තේ මුහුදු වෙරළ සහිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස ය.

ඒ දකුණු පැසිපික් සාගර කලාපයේ ඇති වූ ගිනි කඳු පුපුරායාම හේතුවෙනි.

මෙහි බලපෑම නිසා මුහුදු රළ ඉහළ යා හැකි අතර දරුණු දියරැල් පැවතිය හැකි බවද විදෙස් වාර්තා සඳහන් කළේ ය.

මුහුදු පතුලේ දැවැන්ත ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ බලපෑමෙන් ප්‍රථමයෙන් බලපෑම් එල්ල වූයේ , ටොංගා රාජ්‍යයට ය.

මේ හේතුවෙන් ටොංගා අගනුවර ආශ්‍රිතව සම්පූර්ණයෙන්ම විදුලිය ඇනහිට ඇති අතර , දුරකතන මාර්ග හා අන්තර්ජාල පහසුකම් සියල්ලද ඇනහිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]