ගුරු සේවය සංවෘත සේවාවක් කර ගැසට් නිවේදනයක්

විදුහල්පති හා ගුරු සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..

by Staff Writer . 15-01-2022 | 8:38 AM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවන් 3 ක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි. 2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සංවෘත සේවාවන් ලෙස ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.