ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන නිවේදනයක්..

මෙවර ශිෂ්‍යත්වය සහ උ/පෙළ විභාගයට පෙර දේශන අවසන් කළ යුතු දිනය මෙන්න

by Staff Writer . 15-01-2022 | 9:57 PM

COLOMBO (NEWS1ST) :පසුගිය වසරේ(2021) 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති පැවැත්වීම, ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රි 12 සිට සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, ඒ අනුව විභාගය අවසන් වනතෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, පංති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බව ය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම ද තහනම් ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාලව ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් , බැනර් , අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම , එවැනි දෑ ළඟ තබා ගැනීම ද තහනම් වේ. යම් පුද්ගලයෙක් , ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් එම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් , ඔවුන් වරදකරුවෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය. 05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතය. උස්ස පෙළ විභාගය ලබන 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.