දුම්රිය නිලධාරින්ට බාධා කිරීම:පොලිසියට පැමිණිල්ලක්

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..

by Staff Writer . 15-01-2022 | 1:56 PM

COLOMBO (NEWS1ST) : දුම්රිය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක අවස්ථාවේ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉදිරිපත් වූ නිලධාරීන්ට බැන තර්ජනය කරමින්, රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ගොනු කර ඇති බවයි. ඊට අදාළ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන්, අභ්‍යන්තර විමර්ශනයක් ද, ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රවාහන ධාවන ප්‍රධානියාට තර්ජනය කිරීම සම්බන්ධයෙන්, විධිමත් පරීක්ෂණයක් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, අද සමාන්‍ය කාලසටහන්වලට යටත් ව කිසිදු බාධාවකින් තොරව, දුම්රිය ධාවනයට එක් කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.