by Staff Writer . 15-01-2022 | 8:47 AM
COLOMBO (NEWS1ST) : ඇතුගල්පුර පිවිසුම, මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර අද(15) විවෘත කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.30 ට මීරිගමදී ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙනු ඇති.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91 කි.
පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මාර්ගය ඉදිකර ඇත්තේ නාගරික ප්‍රදේශ මග හරිමින් ය.
මීරිගම, නාකලගමුව, දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් එහි ඉදිකර තිබේ.
ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමේ ජනහමුව සවස 5.00 ට කුරුණෑගල, යක්ගපිටියේදී පැවැත්වෙනු ඇති.