by Staff Writer . 15-01-2022 | 9:18 AM
COLOMBO (NEWS1ST) : වාලච්චේන, කිරාන් මුහුදු තීරයේදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ ළමුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 16ක ළමුන් දෙදෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවය.
කිරාන් මුහුදු තීරයේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ(14) පස්වරුවේ එක් අයෙකු බේරා ගැනිණි.
පොලීසිය පැවසුවේ නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සමග එක්ව අතුරුදන් වූ ළමුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.