ඉන්ධන ලැබුණොත් අද විදුලිය කපන්නේ නැහැ

ඉන්ධන ලැබුණොත් අද විදුලිය කපන්නේ නැහැ - විදුලි බල ඇමති

by Staff Writer . 15-01-2022 | 9:46 AM

COLOMBO (NEWS1ST) : අද(15) දිනයේ ඉන්ධන තොගයක් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වී ඇතැයි විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, අදාල ඉන්ධන තොගය ලැබුණහොත් අද දිනයේ විදුලිය කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බවය. ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ටොන් 15,000ක් ඉල්ලා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර විදුලි බල මණ්ඩලය සතු අක්‍රීය වී ඇති බලාගාර පවත්වාගෙන යමින් දෛනික විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් මෙට්‍ර්ක් ටොන් 1500 බැගින් දෛනික ලබා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ ය.