English
தமிழ்
කර්තෘ Staff Writer .
14 Jan, 2022 | 5:13 pm
නීතිඥ සංගමයේ ලේකම් රජිව් අමරසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පවතින තත්ත්වය හමුවේ, රජය තවදුරටත් ප්‍රමාදයකින් තොරව, ආර්ථීක අර්බුදය විසදීමට රජය කටයුතු කළ යුතු බවයි.
උද්දමනය ඉහළ යාම, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, විදේශ විනිමය හිඟය, විදේශයන්ට මුදල් යැවීමට නොහැකි වීම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීම, සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීම ඇතැම් ගුවන් සමාගම්වල මෙහෙයුම් අත්හිටුවා ඇති බවට පළවන වාර්තා සහ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට පවතින අනතුරු ඇඟවීම් තුළින් එම හදිසි අවශ්‍යතාව පෙන්නුම් කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
ආර්ථිකයේ එවැනි පසුබෑමක් බොහෝ දුරට නිතීයේ ආධිපත්‍යයට සහ රටේ පාලනයට අහිතකර ප්‍රතිවිපාක ඇතිකළ හැකි බව, ඔහු සඳහන් කළේ ය.
ආර්ථික දුෂ්කරතා නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්ව සිටින අය බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංචිත ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් ඇති බව, මහ බැංකුව නිවේදනය කර ඇතත්, ඉන් කොපමණ ප්‍රමාණයක් භාවිත කළ හැකි ද යන්න සොයා බැලිය යුතු බව, එම නිවේදනයේ සඳහන් ය.
පවත්වනා වසංගත තත්ත්වය හමුවේ, රජය අසාමාන්‍ය අභියෝගවලට මුහුණ දී සිටින බව, තමන් පිළිගන්නා බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම මතුවන අභියෝගවලට මුහුණ දීමට රජය පියවර ගෙන ඇති බව ද, අදාළ නිවේදනයේ දැක්වෙයි.
පවතින තත්ත්වය හමුවේ, අර්බුදයට තිරසර විසඳුම් ලබා දීමට හැකිවන පරිදි තාක්ෂණික විශේෂඥ ස්වරූපයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ස්වාධීන හෝ පක්ෂාග්‍රාහි නොවන විශේෂඥයින් හා බහු පාර්ශවීය ආයතනවල සහය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
02 Dec, 2023 | 01:11 PM
02 Dec, 2023 | 08:33 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS