COLOMBO (NEWS1ST) : පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට(14) දින 1,000කි.
විපතට පත්වූවන් සිහිපත් කරමින් අද රාගමදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ය.
එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා විපතට පත්වූ පවුල්වල සාමාජිකයින්ද මේ දෙවෙමෙහෙයට සහභාගී විය.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
නායකයෝ තේරුම් ගත්තේ නැතුවට නායකයෝ ඒ අයව අමතක කරලා දැම්මාට බලයට ආවාට පස්සේ මේ රටේ ධනය පාන් පෝලිමේ , ගෑස් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ ඉන්න අය පොහොර නැතුව කුඹුරු විනාශ වෙනවා දකිමින් හූල්ලන අය මාසයේ වේතනයෙන් දරුවන්ගේ බඩගින්න නිවන්නට බැරිව ලතවෙන අය හතර වටේටම ණය වෙලා කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්න අය ඒ හැඟීම් හැම එකක්ම දෙවියන් වහන්සේට පේනවා සහෝදරවරුනි .අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකෙන් එක එළිදරව් වෙමින් පවතින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි .ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අප හැමෝටම පෙනෙන්නට පටන් අරන් තියෙනවා. ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි. නමුත් දැන් පුපුරන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදී විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් හැදුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ .ඒ ඇත්ත කථාව යටපත් කරන්න කී දෙනෙක් උත්සහ කළාද ? ඒත් එහෙම කරන්න ඒ අයට පුළුවන් වුණාද? යට ගහන්න හදන තරමටම එය මතුපිටට එනවා. දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ.මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලියි .අන්තවාදින් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩදීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයින්ට ඕන කලේ කොහොමහරි දේශපාලන වාසි ලබාගැනිමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වී තිබෙනවා .ඒ ගැන සොයන්න පත් කරපු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඒ ගැන කියලා තියන දේ මෙන්න .කිහිප දෙනෙකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතල කරුණු සොයාගැනීම් සිදු කර තිබේ .යම් කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයින් විසින් වසර අගභාගයේ දී එළැඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න සොයාබැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු යැයිද මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ කරන්න උත්සහ කරපු අයව වළක්වපු ඒ අය තුළ තිබුණේ යටි කූට්ටු අදහසක් අරමුණක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. වැඩිදුර පරීක්ෂණ සිදු කරන්න කියලා නිර්දේශ කරනවා මේගොල්ලෝ ඒ ගැන, එදා ඉඳලා අද වෙනකල් මොන පරීක්ෂණයක් ද මේ ගැන සිද්ධ වුණේ, කාගෙන්ද ප්‍රශ්න කළේ, මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මග පාදනු ඇත, ජනතාව තුළ බියක් ඇති කරලා සුරක්ෂිතභාවය නැතෙයි කියලා පෙන්නුම් කරලා ඡන්දය දිනා ගන්නට සමහර අය ගහපු උප්පරවැට්ටියක් බව මේ වාර්තාවේ පැහැදිලිව පේනවා, මේ වාර්තාව එළියට ආවේ ඡන්දයට ඉස්සෙල්ලා, ඔක්තෝම්බර් මාසයේ 23 වැනිදා 2019, ඒක කිසිදු සාක්ෂි මෙය නොවන වාර්තාවක් හැටියට අවතක්සේරු කරන්නට ඊයේ පෙරේදා අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා උත්සාහ කරලා තියෙනවා, එහෙම කරන්න එතුමාට ඇති ඵලය කුමක්දැයි මම ප්‍රශ්න කරනවා, ඒ ලියවිල්ල ඒ වචනවලින් අපිට ඉදිකරන්නේ පසුව එවකට සිටි නීතිපතිතුමා කියූ දේමයි, ප්‍රහාරය පිළිබඳව විශ්වාසවන්ත කටයුතු හෝඩුවා ලැබී තිබුණත් උසස් පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයින් ඒ ගැන කලින් දැනගෙන සිටියත්, ඉන්දීය ඔත්තු සේවා ඒ ගැන දැනුම් දී තිබුණත් මේ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළේ කුමන්ත්‍රණයක් නිසා වුණ බවයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම්සේත් ඒ අයගේ අවසාන වාර්තාවේත් පොලිසියේ හා බුද්ධි අංශවල අහිංසකයන් බිල්ලටදී තමන් ඇඟ බේරා ගැනීමට කටයුතු කළ වගකීම් විරහිත ආකාරය නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව නඩු මාර්ගයෙන් ක්‍රියා කරන ලෙස නීතිපතිතුමාට නිර්දේශ කර තිබියදී, මේ වනතුරු එසේ නොකරන්නේ ඇයි කියලා අපි අහනවා. සමහර නිලධාරීන්ට විරුද්ධව නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා වාර්තාවේ නිර්දේශ කළත්, අඩු ගානේ පොලිස්පතිතුමා ඒ ගැන විනය පරීක්ෂණයක්වත් කළා ද කියලා මම අහනවා, ඒ අයගෙන් ඇතැම් අයට උසස්වීම් ලැබුණේ කොහොමද ? කාටවත් හිතන්න බැරි වළක්වන්න බැරි විදියට දේවල් එළියට එනවා. ඉදිරියේදී මීටත් වඩා කරුණු හෙළිදරව් වේවි. ඒ විශ්වාසය අපිට තියෙනවා, නිලධාරීන් බලධාරීන් මොන නාටක නැටුවත්, ඇත්ත යට කරන්න බැහැ සහෝදරවරුනි, මියගිය තුවාල වුණ අයගේ ලේ යුක්තිය ඉල්ලා මොර ගසනවා ,මේ දේ කළ අයටත් වඩා දැන දැනම ඒ දේ වළක්වන්න කටයුතු නොකළ ඊට ඉඩ ලබාදුන් නායකයින් දැනගත යුතු දෙයක් තියෙනවා, ඔවුන් කවදාහරි බලයෙන් ගියදාට, මෙලොව හැරගිය දාට පසුවත් මේ කතාවේ හැම දෙයක්ම හෙළිදරව් වේවි, එතකොට එයාලටත් ඉතිහාසයේ විනිශ්චය ලැබේවි, බොරුව කවදාවත් ජය ගන්නෙ නැහැ.
අපෝස්තලික අනුශාසනා පත්‍රය නමින් කතෝලික රදගුරු සම්මේලනයේ අත්සනින් මෙහිදී කරුණු 34 ක් ඇතුළත් විශේෂ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කෙරිණ.
සියලු ගැටලු විසදීමටත් මෙරට සියලු රටවැසියන්ට යුක්තිය සහ සාධාරණත්වය ළඟා කරදීමටත් අවශ්‍ය ප්‍රබල පියවර ගන්නා ලෙස එම ලියවිල්ලෙන් රජයෙන් ඉල්ලා තිබේ.