දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්: ඇතැම් දුම්රිය ප්‍රමාද විය හැකියි - දුම්රිය සාමාන්‍යාධිකාරී

by Staff Writer . 14-01-2022 | 9:05 AM

COLOMBO (News 1st) - දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් අද (14) දිනයේ සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ය. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් ධාවනය වූයේ නැත. ඒ හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්විය. වර්ජනය අවසන් වුවත්, ඇතැම් දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය.