තැන තැන රිය අනතුරුවලින් ජීවිත 6 ක් මහ මගට බිලි

තැන තැන රිය අනතුරුවලින් බිළිඳෙකු ඇතුළු 6ක් මහ මගට බිලි

by Staff Writer . 14-01-2022 | 2:45 PM

COLOMBO (NEWS1ST): දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් මාස 8 ක් වයසැති බිළිඳෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

බදුල්ල - පස්සර මාර්ගයේ 130 වන කිලෝමීටර කණුව අසල දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් 8 හැවිරිදි බිළිඳෙක් ජීවිතක්ෂයට පත් විය. ත්‍රීරෝද රථය පදවා ඇත්තේ දරුවාගේ මවයි. වැල්ලව ප්‍රදේශයේදී යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. කින්නියා ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මියගියේ මෝටර් රථයක් පදිකයින් දෙදෙනෙකුගේ ගැටීමෙනි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබයි. ගනේමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 91 හැවිරිදි පදිකයෙකු මියගොස් තිබුණි. ගාල්ල - කොළඹ මාර්ගයේ අයිලප්පෙරුම ප්‍රදේශයේදී තවත් පදිකයෙකු මියගොස් තිබුණේ පෞද්ගලික බස් රථයක ගැටීමෙනි. දෙහිවලදී මරදාන සිට මොරටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.